Maheshi Rambukwella

Maheshi Rambukwella

Share

🧠 Mindset /Leadership Coach
💰 Wealth Protection Advisor
❤️ Counselor
📩 DM for a Counselling session

22/08/2026

ජීවිතේ ලස්සනම දවස අද🍀☀️🌤️

ඔව්
අදත් ලස්සන දවසක්..🌈🌤️🍀🌷🍀

22/08/2026

හැමෝටම ආදරය ,සතුට පිරුණු සති අන්තයක්..❤️😊

21/08/2026

ඇස් වහ කට වහ ඇත්තක් ද?🤔😳

ඔයාට කවදාවත් හිතිලා තියෙනවද...
ඔයාගේ ජීවිතේ හොඳ දෙයක් සිද්ධ වුණාම,
ඒක හැමෝටම කියන්න එපා කියලා පැරැණ්නෝ කියනවා..🤔

"ඇස්වහ වදියි , කටවහ වදියී"

කියලා අපි පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙනවා.

ඇස්වහ කටවහ කියන්නේ ඇත්තටම අද්භූත බලයක්ද?😰🤔

විද්‍යාත්මකව බලනකොට,

වෙනත් කෙනෙකුගේ බැල්මකට හෝ වචනයකට
ඔබේ ජීවිතයට අද්භූත බලපෑමක් කරන බවට
නිශ්චිත සාක්ෂි නැහැ.

නමුත්...

ඊර්ෂ්‍යාව,අපහාසය, අවට අය ඔබව පහල හෙලන අනවශ්‍ය විහිළු සහව්අපි ගැන නිතරම නරක කියන මිනිසුන්,

අපේ විශ්වාසය පද්ධතියට සහ මානසික සාමයට, ශක්තියට. ඇත්තටම බලපෑම් කරන්න පුළුවන්.😱

ඒ නිසා හැමෝටම ඔබේ සිහින,ඔබේ සැලසුම්, ඔබේ සාර්ථකත්වය පෙන්වන්න අවශ්‍ය නැහැ.😊

සමහර දේවල් නිහඬව ගොඩනගන්න.

මතක තියාගන්න...

‘ඔබේ ජීවිතය , සාර්ථකත්වය ආරක්ෂා කරන්නේ
ඇස්වහට කටවහට බයවීම නෙවෙයි...

"නිහඩව ඉලක්කයට වැඩ කරන ගමන්
නිවැරදි මිනිසුන් තෝරාගැනීම තුලිනි"

මිනිසුන් දැකිය යුත්තේ ඔබගේ අවසාන සාර්ථකත්වය පමණි😊

19/08/2026

ජීවිතය අපිට පහර දෙන හැම වෙලාවකම,
ශක්තිමත් වෙන්න කියන්නේ...💪

හැමදේකටම විරුද්ධ වෙන්න නෙමෙයි😊

සමහර වෙලාවට අපට සිද්ධ වෙනවා
නැමෙන්න,
අතහරින්න,
ඉදිරියට යන්න,

මොකද,

නැමෙන්න දන්න කෙනෙක්ව,
ජීවිතයේ කිසිම සුළඟකට පහසුවෙන් කඩන්න බැහැ.👊

ඔබට ජය..🌷🙏🏻

ඔව්. අදත් ලස්සන දවසක්..🌤️☀️🌈❤️



19/08/2026

මීට වසර 5ට පමණ (2021)පෙර මා විසින් ස්මාර්ට් මයින්ඩ් සමූහයට මුදා හල වීඩියෝවක් නැවත මෙසේ අප්ලෝඩ් කරනවා..

මොකද මේ වන විට සමූහයට සහ පේජ් එකට අලුතින් විශාල පිරිසක් එකතු වී සිටීම නිසා..

මේ වීඩීයෝව හරහා මා පැවසීමට උත්සාහ ගන්නේ සුලුතරයක් පමණක් දන්නා කැලඩයිස්කෝප් වීඩියෝ ගැනයි..

ඉතිං ඒ ගැන වැඩි විස්තර දැන ගන්න මෙම වීඩීයෝ එක නරඹන්න කියල ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

ස්තුතියි

18/08/2026

ඔයා ඊයේ කොච්චර වෙහෙසුණත්,�කොච්චර දේවල් හිතට බර වුණත්…�අද උදේ ඔයාට ආයෙත් පටන් ගන්න අවස්ථාවක් ලැබිලා. 🌸

ඒ නිසා අද…
�ඔයා ගැන ටිකක් විශ්වාස කරන්න.�ඔයාට ලැබෙන්න ඕන සතුට ගැන ටිකක් විශ්වාස කරන්න.
�හොඳ දෙයක් අද ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා හිතන්න. ✨

මොකද…�සමහර ලස්සනම දවස් පටන් ගන්නේ,�“අද නම් මොනවා වෙයිද දන්නේ නෑ…”

කියලා හිතන උදෑසනකින්. 💛

🌻 අදත් ලස්සන දවසක්.🌈🌷🌤️☀️
�ඔයාටත් ලස්සන දෙයක් වෙන්නම ඕන දවසක්.

17/08/2026

Relax traveling to Uphills🌦️❄️🌨️

සුවපත් මනසක් මවයි යහපත් දිවියක්....✨🍀☘️❤️

විඩාබර ජීවිතයට සීතල විවේකයක්..☃️

16/08/2026

එක මොහොතක අපේ සිතට පුදුමාකාර සිතුවිල්ලක් ඇති වෙන්න පුලුවන්..😳

නමුත් ඒ සිතුවිල්ල ඉටු වෙන්න පොඩි කාලයක් ගත වෙන්න පුළුවන්...⏰

ඒ වෙනුවෙන් කැප වෙන්නත් වෙයි..

කාලයත් එක්ක ඒ සිතුවිල්ලේ හැඩය, පරිමාණය වෙනස් වෙන්න පුළුවන්..💎🕯️

ඒ වගේම එය ටික ටික වර්ධනය වෙන්න පුළුවන්
එම සිතුවිල්ලට තටු ඇවිල්ල ඉගිල්ලෙන්න පටන් ගන්න පුළුවන්..🦋🦋

දැන් විශ්වය පුරාම එම සිතුවිල්ල පියඹා යනවා.🦋
සීමා මායිම් නොසොයා ඔබේ අරමුණ වෙනුවෙන් ලොව පුරාම යනවා..🌍💫🦋
එක් මනසකින් තවත් මනසකට යනවා..
නව අත්හදා බැලීම් වලට ලක් වෙනවා..

කාලයත් සමග ඔබේ සිතුවිල්ලට ජීවය එකතු වෙලා නැවත ඔබ අතටම ඔබ සිතුවාටත් වඩා හොදට යථාර්ථයක් වී පැමිණ ඇත.

ඒ සිතුවිල්ලට පණ දෙන්න..❤️
ඔව්. අද තමයි හොදම දවස..💎🌷

අදත් ලස්සන දවසක්..🌥️🌦️🌈

15/08/2026

Flying your feeling..❤️
Life is too short..🎗️
And enjoy your life
with best attitude💐😘 #

11/08/2026

පාරභෞතික මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද?😳

අපේ මනසට පෙනෙන ලෝකයට එහා ගිය යමක් තිබෙනවාද?🤔

මිනිසාගේ මනස පිළිබඳව අප තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැත.

සිතුවිලි, සිහින, intuition,telepathy වැනි අත්දැකීම් පිළිබඳව මිනිසුන් සියවස් ගණනාවක් පුරා කුතුහලයෙන් සිටිති.

මෙවැනි අසාමාන්‍ය මානසික අත්දැකීම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට උත්සාහ කරන ක්ෂේත්‍රයක් ලෙස "පාරභෞතික මනෝවිද්‍යාව"
"Parapsychology"හඳුන්වා දිය හැකිය.

🔮 පාරභෞතික මනෝවිද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ මොනවාද?

සාමාන්‍ය මනෝවිද්‍යාවෙන් මිනිස් හැසිරීම්, සිතුවිලි, හැඟීම් සහ මානසික ක්‍රියාවලීන් අධ්‍යයනය කරන අතර, පාරභෞතික මනෝවිද්‍යාව විශේෂයෙන් අවධානය යොමු කරන්නේ සාමාන්‍ය සංවේදන හා පැහැදිලි කිරීම්වලින් පහසුවෙන් විස්තර කළ නොහැකි බව පෙනෙන අත්දැකීම් වෙතය.😵‍💫😵‍💫

උදාහරණ කිහිපයක්:

🔹 *Telepathy*
එක් පුද්ගලයෙකුගේ සිතුවිලි වෙනත් පුද්ගලයෙකුට සාමාන්‍ය සංවේදන මාර්ගයකින් තොරව දැනගත හැකිද?

🔹 *Clairvoyance*
සාමාන්‍ය සංවේදන භාවිතයෙන් ලබාගත නොහැකි තොරතුරු දැනගැනීමේ හැකියාවක් තිබේද?

🔹 *Precognition*
අනාගත සිදුවීමක් සිදුවීමට පෙර එය පිළිබඳව දැනීමක් ඇතිවිය හැකිද?

🔹 *Psychokinesis*
මනස මගින් භෞතික වස්තූන්ට බලපෑම් කළ හැකිද?

🔹 *Near-Death Experiences (NDEs)*
මරණාසන්න අත්දැකීම් ලබන පුද්ගලයන්ට ඇතිවන විශේෂ මානසික අත්දැකීම් මොනවාද?

🧩 එහෙත් වැදගත් කරුණක් තිබෙනවා...

පාරභෞතික මනෝවිද්‍යාව පිළිබඳ කතා කිරීමේදී මෙය සත්‍ය බව විද්‍යාවෙන් ඔප්පු කර තිබෙනවා යන අදහස ලබාදීම නිවැරදි නොවේ.

මෙම ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රකාශ සහ අත්දැකීම් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි තවමත් විවාදයට ලක්වෙමින් පවතී.

ඇතැම් පර්යේෂණවලින් සිත්ගන්නාසුලු ප්‍රතිඵල වාර්තා වී තිබුණද, ඒවා ස්වාධීනව නැවත නැවතත් තහවුරු කිරීම සහ සාමාන්‍ය මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉවත් කිරීම විශාල අභියෝගයකි.

ඒ නිසා

*විශ්වාසය සහ විද්‍යාත්මක සාක්ෂිය අතර වෙනස හඳුනාගැනීම ඉතා වැදගත්ය.**

🌙 අපට අසාමාන්‍ය අත්දැකීම් ඇතිවන්නේ ඇයි?😱🤔😳

ඔබට කිසිදාක,

🌷මම කෙනෙක් ගැන හිතනකොටම එයා මට call කළා.”

🌷මේ සිදුවීම මීට කලින් සිදුවුණා වගේ දැනුණා.”

🌷මට හීනයකින් දැක්ක දෙයක් පස්සේ ඇත්තටම සිදුවුණා.”
වැනි අත්දැකීම් තිබුණාද?🤔🤔

මෙවැනි අත්දැකීම් සඳහා සමහරවිට මොළයේ **pattern recognition**, memory, coincidence, expectation, selective attention සහ unconscious processing වැනි සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් හේතු විය හැකිය.

නමුත් ඒවා පිළිබඳව මිනිසාට තවමත් ඇති කුතුහලය නිසා පර්යේෂණ සහ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතී.

🧠 අවසානයේ...

පාරභෞතික මනෝවිද්‍යාව අපට වැදගත් ප්‍රශ්නයක් මතු කරයි:

මිනිස් මනස පිළිබඳව අප දන්නා දේ සම්පූර්ණද?

සමහර ප්‍රශ්නවලට අද විද්‍යාවට පැහැදිලි පිළිතුරු තිබෙනවා.

සමහර ප්‍රශ්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතිනවා.

ඒ නිසා අසාමාන්‍ය අත්දැකීමක් ඇති වූ විට එය වහාම *ආශ්චර්යයක්* ලෙසත්, *බොරුවක්* ලෙසත් තීරණය කරනවාට වඩා,

😵‍💫 කුතුහලයෙන් අසන්න.
😵‍💫 සාක්ෂි සොයන්න.
😵‍💫 විද්‍යාත්මකව සිතන්න.
😵‍💫 මනස තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

මන්ද, මිනිස් මනස යනු ,
තවමත් විශ්වයේ අපට හොඳින් අවබෝධ කරගත නොහැකි විශාලතම අභිරහස්වලින් එකකි. 🌌🧠😰

ඔබට කවදා හෝ අසාමාන්‍ය මානසික අත්දැකීමක් තිබුණාද?

👇 Comment එකකින් අපිත් එක්ක බෙදාගන්න.

මේ සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යනය කිරීමට කැමති අය පේජ් එකේ ඇති වට්ස් ඇප් අංකයට පණිවිඩයක් Parapsychology ලෙස ටයිප් කර එවන්න.

Want your business to be the top-listed Accountant in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Matara
81700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00