28/09/2024
දැනට බදු සදහා ලියාපදිංචි සියලු පුද්ගලයින්,
👉 අදායම් වාර්ථාව - 2024 නොවැම්බර් 30 දින හෝ ඊට පෙර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට භාරදිය යුතුය.
👉 තක්සේරුව මත බදු මුදල සැප්තැම්බර් මස 30 වන දින හෝ ඊට පෙර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය
🔷 එම කටයුතු සදහා විශේෂඥ හා සුහදශීලී සේවාවක් ලබා ගැනීමට අප හා අදම සම්බන්ධ වන්න.
🔷 අපගේ අනෙකුත් සේවාවන් 🔷
👉 VAT/SSCL ඇතුලු සියලු බදුකරන කටයුතු
👉 මාසික ගිණුම් වාර්ථා සැකසීම
👉 විනණනය ( අභ්‍යන්තර / භාහිර )
👉 සමාගම් ලේකම්
👉 ආදායම් සහතික කිරීම්
👉 ව්‍යාපාර සදහා පරිගණකගත ගිණුම්කරන අංශයන් සැකසීම
Contact 076 850 8501 / 078 902 9576
E-mail - [email protected]
02/08/2024
දැනට බදු සදහා ලියාපදිංචි සියලු පුද්ගලයින්,
👉 ඇස්තමේන්තු ගෙවිය යුතු ආදායම් බදු ප්‍රකාශය (SET ) 2024 අගෝස්තු 15 හෝ ඊට පෙරත්
👉 අදායම් වාර් ථාව - 2024 නොවැම්බර් 30 දින හෝ ඊට පෙරත්
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට භාරදිය යුතුය.
🔷 එම කටයුතු සදහා විශේෂඥ හා සුහදශීලී සේවාවක් ලබා ගැනීමට අප හා අදම සම්බන්ධ වන්න.
🔷 අපගේ අනෙකුත් සේවාවන් 🔷
👉 VAT/SSCL ඇතුලු සියලු බදුකරන කටයුතු
👉 මාසික ගිණුම් වාර් ථා සැකසීම
👉 විනණනය ( අභ්‍යන්තර / භාහිර )
👉 සමාගම් ලේකම්
👉 ආදායම් සහතික කිරීම්
👉 ව්‍යාපාර සදහා පරිගණකගත ගිණුම්කරන අංශයන් සැකසීම
Contact 076 850 850 1 / 078 902 957 6
E-mail - [email protected]
16/02/2024
ආදායම් බද්ද
වැට් බද්ද
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද
ප්‍රාග්ධන ලාභ බද්ද
ඇතුලු සියලුම බදු කටයුතු සිදුකර ගැනීම සදහා ඇක්ස්මාර්ට් ඇන්ඩ් කම්පැණි අපත් සමග සම්බන්ධ වන්න.
Whatsapp - 076 850 850 1
Call - 078 902 957 6
07/02/2024
ඔබේ ව්‍යාපාරය මේ දිනවල කොහොමද? එම ප්‍රශ්නයට පිළිතුරු දීමට හැකි වීම සඳහා ඔබ කොපමණ මුදලක් උපයනවාද යන්න දැන ගැනීමට අවශ්‍ය වේ, ඒ සඳහා නිවැරදි පොත් තැබීම අවශ්‍ය වේ. සමහර ව්‍යාපාර තවමත් ඔවුන්ගේ පොත් තැබීම අතින් සිදු කරන අතර, තවත් සමහර ආයතන පරිගණක මෘදුකාංග භාවිතා කලද එහි නිවරදි ප්‍රතිපල භුක්ති නොවිදියි. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා නිවැරදි මූල්‍ය වාර්තා තබා ගැනීම ඉතා වැදගත් වේ, එබැවින් ඔබ මේ පිලිබදව දැන ගැනීම වඩාත් වැදගත් වනු ඇත.
ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය ක්‍රියාකාරකම් වඩාත් සංකීර්ණ වන තරමට, ඵලදායී මූල්‍ය වාර්තාකරණය සහතික කිරීම සඳහා ඔබට පරිගණකගත ගිණුම්කරණ පද්ධතියක් අවශ්‍ය වනු ඇත. පරිගණකගත ගිණුම්කරණ පද්ධති යනු ව්‍යාපාරයක පරිගණකයක, network server හෝ අන්තර්ජාලය හරහා දුරස්ථව ප්‍රවේශ විය හැකි මෘදුකාංග වැඩසටහන් වේ.
ඇක්ස්මාර්ට් ඇන්ඩ් කම්පැණි යනු ව්‍යාපාරවල ගිණුම් අංශය හසුරුවන විගණන ආයතනයකි. අප විසින් ඔබව, ඔබගේ වයාපාරයේ මූල්‍ය පාලනය පිළිබදව ඇති වගකීමෙන් අත්මුදවන්නෙමු. එමගින් ඔබට ඔබගේ ව්‍යාපාරය නිවරදිව කලමණාකරනය කර ගැනීම සදහා සම්පූර්ණ කාලය සහ ශ්‍රමය කැප කිරීමට හැකි වනු ඇත.
විශේෂයෙන් මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා අභ්‍යන්තර විගණනයක් සමග ලබාදෙනු ලබන මෙම සේවාවේදී අභ්‍යන්තර පාලනය ස්ථාපිත කිරීම, මාසික මුල්‍ය වාර්තාවන් සකස් කිරීම සහ ඒ මත පදනම්ව ව්‍යාපාරය නිවරදි දිශානතියකට මෙහෙයවීම පිලිබද දැනුමද ඔබ වෙත ලබා දෙනු ලබයි.
ගිණුම්කරණ සේවා, බාහිර ගිණුම්කරන හා විගණන ආයතන මගින් ලබා ගැනීමේ ප්‍රතිලාභ පහත දැක්වේ.
1. පිරිවැය ඉතිරිකිරීමේ ගිණුම්කරණ සේවා
සාමාන්‍යයෙන් බොහෝ ව්‍යාපාර තම ව්‍යාපාරය සඳහා ගිණුම්කරණ සේවා බාහිරින් ලබා ගැනීම අනවශ්‍ය පිරිවැයක් ලෙස සලකයි. එය කිසිසේත්ම නිවැරදි අවබෝධයක් නොවේ. ගිණුම්කරණය බාහිරින් ලබා ගන්නා අපගේ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ගුණාත්මකභාවය අඩු නොකගනිමින් වියදම් අඩු කරගනී.
2. ඔබේ කාලය ඉතිරි කිරීම
ඔබේ ව්‍යාපාරය වර්ධනය වන විට, ඔබ ඔබේ මුදල් කළමනාකරණය කිරීමට වැඩි කාලයක් ගත කරන අතර ව්‍යාපාරය පරිපාලනය කිරීමට අඩු කාලයක් ගත කරනු ඇත. එබැවින්, පොත් තැබීම සහ ගිණුම්කරණය වැනි පරිපාලනමය කාර්යයන් බාහිරින් ලබා ගැනීම ව්‍යාපාර උපාය මාර්ග නිර්මාණය කිරීම සඳහා ඔබේ කාලය, ශක්තිය සහ සම්පත් යොමු කිරීමට උපකාරී වේ. එය වැඩි ආදායමක් ගෙන ඒම මෙන්ම සහ ඔබේ ගනුදෙනුකරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට හේතු වේ.
3. විශේෂඥ ගණකාධිකාරීවරුන් සහ පොත් තබන්නන්
ගණකාධිකාරීවරුන් බාහිරින් ලබා ගැනීමේදී ඔබට දැරිය හැකි මිලකට ඉහළ මට්ටමේ විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයෙකු බඳවා ගැනීමේ හැකියාව ඔබට ලැබේ.
4. ස්වයංක්‍රීය තාක්ෂණය
බොහෝ ව්‍යාපාර කාලය ඉතිරි කර ගැනීම සඳහා ගිණුම්කරණ ස්වයංක්‍රීය මෘදුකාංග භාවිතා කරයි. එය කාලය ඉතිරි කරනු ඇත, එය අවදානම අඩු කරයි. ස්වයංක්‍රීය ගිණුම්කරණය යනු මානව දෝෂ අවම කිරීමයි. දෙවනුව, ස්වයංක්‍රීය මෘදුකාංග වලදී, ගණකාධිකාරීවරුන් තත්‍ය කාලීන වාර්තා ලබා ගනිමින් විය හැකි ගැටළු අල්ලා ගැනීමට සහ මුල් අවධියේදී ඒවා විසඳීමට ඔවුන් සහාය වේ. තෙවනුව, එය අභ්‍යන්තර වංචාවේ සම්භාවිතාව අඩු කරනු ඇත.
5. ගණකාධිකාරීවරයෙක් ඔබේ උපදේශකයා වේ
හොඳ ගණකාධිකාරීවරයෙකු සෑම විටම ගිණුම්කරණය වඩාත් කාර්යක්ෂම කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත. ඔහු සමාගම් කිහිපයක් සමඟ වැඩ කරන අතර බදුකරණය, ගිණුම්කරණ මෘදුකාංග හෝ මූල්‍ය උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ඔහු සතුව ඇති දැනුම සහ අත්දැකීම් ඔබ වෙත ලබාදෙනු ඇත.
Thank you,
Accs Smart & Company
Chartered Accountants
Mobile - 076 850 850 1
078 902 957 6
06/02/2024
🎤මොකක්ද මේ අලුත් Tax විස්තරය?
අලුතින් සමාජයේ කතාබහට ලක් වෙලා තිබෙන මාතෘකාව තමයි Tax. ගොඩක් දෙනෙකුට මේ සම්බන්ධ නිවරදි අවබෝධය නැති නිසා ඒ පිළිබදව සරලව අවබෝධයක් ලබා දෙන්න මේ ලිපිය ලියන්න අදහස් කලා.
🟣TIN එක කියන්නෙ මොකක්ද?
පුද්ගලයෙක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වූ විට එම දෙපාර්තුමේන්තුව විසින් එම පුද්ගලයා සදහා වෙන්කරනු ලබන අංකය TIN ලෙස හදුන්වනු ලබනවා.
🟣අපි සියලු දෙනා TIN එක ලබා ගන්නම ඕනද?
අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරන ගැසට් නිවේදනයේ විශයභාර අමාත්‍යවරයා සඳහන් කරලා තියනවා TIN එකක් ලබාගත යුතු අමතර පුද්ගල කණ්ඩායම් කවුද (Additional classes of persons) කියලා. ඒ ගැසට් එකේ තමයි ලන්කාවේ වාසික තැනැත්තන් වන (Resident persons) පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වෙනිදායින් පසු අවුරුදු 18 ලබන සියලු දෙනා අවුරුදු 18 ලැබීමෙන් පසුව බදු සඳහා ලියාපදිංචි විය යුතු බව සදහන් වෙන්නේ.
එම නිසා ඔබට 2024 ජනවාරි 01 වන දා වන විට වයස අවුරුදු 18 ට වැඩි නම් ඉතා ඉක්මනින් TIN එකක් ලබා ගැනීමට කටයුතු කරන්න.
🟣පොඩි පොඩි රැකියාවල් කරන අයත් ආදායම් බදු නීතියට යටත් වෙනවද එතකොට?
කොහෙත්ම නැහැ. රජයේ අවශ්‍යතාවය වෙල තියෙන්නෙ අපි විසින් සිදු කරන බැංකු ගිණුම් විවෘත්ත කිරීමේදී, මෝටර් රථ ලියාපදිංචියේදී, ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීමේදී, ඉඩම් මිලදී ගැනීමේදී වැනි කටයුතු වලදී එම තොරතුරු ලබා ගැනීම.
තමන් වර්ෂයකට රු. ලක්ෂ 12කට වඩා වැඩි බදු ආදායමකට යටත් නොවන්නේනම් බදු වර්ගය (Tax Type) සදහා ලියාපදිංචි වීම අනිවාර්ය නොවේ. ඒ නිසා TIN එක ලබාගන්න සියලුදෙනා වර්ෂික වාර්තා භාරදීම සහ බදු ගෙවීම සිදු කිරීම අනිවාර්ය කරුණක් නොවෙයි.
🟣 විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් TIN ලබා ගත යුතුද?
ශ්‍රී ලංකාව තුළ ස්ථීර පදිංචියක් නොමැති පුද්ගලයෙකු වර්ෂයක, මාස 12ක කාලසීමාවක, දින 183කට වඩා වැඩි කාලයක් පිටරටක ජීවත් වී ඇතිනම් (ශ්‍රී ලංකාව තුළ වාසිකභාවය නැතිනම්) සහ එම පුද්ගලයා මෙරටින් වර්ෂයක් තුළ ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් උත්පාදනය කර ගන්නෙ නැතිනම් TIN එක ගැනීම අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ වාසිකභාවය දේශීය ආදායම දෙපාර්තුමේන්තුව ප්‍රැක්ටිකලි චෙක් කරන්නේ ඔයාගෙ පාස්පෝට් එකේ තියල තියන සීල් වල දිනේ බලලා සහ අනිකුත් උපකාරක ලියවිලි වලින්.
🟣 APIT ගෙවන අයත් TIN එකක් ගන්න ඕනද.
ඔව්. PAYE Tax එක ගෙවන කාලෙ වගේ නෙවෙයි දැන්. බදු පනතෙ නීති වෙනස්. එයාලත් තමන්ගෙ නමින් TIN එකක් අරගෙන TAX ගෙවන්න ඕන.
🟣තනි පුද්ගලයෙක් TAX ගෙවන්න ඕන බදු අනුපාත මොනවද?
වර්ෂයකට රුපියල් ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් ලබන කෙනෙක්නම් ඔයා පහත බදු අනුපාත ඔයාට අයත් වෙනවා.
පළමු රු.500,000 - 6%
ඊළග රු.500,000 - 12%
ඊළග රු.500,000 - 18%
ඊළග රු.500,000 - 24%
ඊළග රු.500,000 - 30%
ඉතිරිය - 36%
වැඩි විස්තර සදහා අමතන්න - 076 850 8501 / 078 9029576
Accs Smart & Company
අෂාන් මධුහංස
වරලත් බදු උපදේශක
31/01/2024
අපගේ සේවාවන්
🟦 විගණන කටයුතු
🟦 ගිණුම්කරණ කටයුතු
🟦 ආදායම් බදු ඇතුළු බදුකරණ කටයුතු
🟦 ඔබගේ ව්‍යාපාරයට සරිලන පරිගණකගත ගිණුම්කරණ අංශයන් සැකසීම
🟦 ආදායම් සහතික කිරීමේ සේවාව
🟦 සමාගම් ලේකම්