14/04/2026
📢 ශ්‍රී ලංකාවේ සියලුම සමාගම් සඳහා වැදගත් නිවේදනයක්! 🇱🇰
2025 අංක 12 දරන (සංශෝධිත) සමාගම් පනත සහ 2480/48 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සත්‍ය හිමිකරුවන් (Beneficial Owners) පිළිබඳ තොරතුරු රජයට ලබාදීම දැන් අනිවාර්ය කර ඇත.
ඔබ දැනටමත් ලියාපදිංචි සමාගමක් පවත්වාගෙන යන්නේ නම් හෝ අලුතින් සමාගමක් ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, මෙම නව රීති ඔබටත් බලපානු ඇත.
✅ ඔබ දැනටමත් ලියාපදිංචි සමාගමක් (Incorporated Company) නම්:
ඔබ පහත සඳහන් පෝරම (Forms) මගින් සත්‍ය හිමිකරුවන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතුය:
• Form BO 05 - බලයලත් පුද්ගලයෙකු පත් කිරීම.
• Form BO 07 - සත්‍ය හිමිකරුවන් පිළිබඳ ප්‍රකාශය.
•
✅ ඔබ ලියාපදිංචි වෙමින් පවතින (Companies under Incorporation) හෝ ඉදිරියේදී ලියාපදිංචි වීමට නියමිත සමාගමක් නම්:
ඔබ පහත පෝරම ඉදිරිපත් කළ යුතුය:
• Form BO 05 - බලයලත් පුද්ගලයෙකු පත් කිරීම.
• Form BO 01 - සත්‍ය හිමිකරුවන් පිළිබඳ ප්‍රකාශය.
•
⚠️ විශේෂ අවධානයට:
• මෙම නව සංශෝධන සමඟ සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුද යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
• සියලුම ලියාපදිංචි සමාගම් මෙම නීතිමය අවශ්‍යතාවයන් කඩිනමින් සම්පූර්ණ කළ යුතුය.
ඔබ දැනටමත් ලියාපදිංචි සමාගමක හිමිකරැවෙක්නම් මෙම නව පෝරම නිවැරදිව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබගේ සමාගම් ලේකම් හා සම්බන්ධවන්න🤝
01/04/2026
ඔබේ බැංකු පොලියෙන් 10% ක බද්දක් කැපෙනවාද? එය නතර කරගන්නේ කොහොමද? 💰🏦
ඔබ ශ්‍රී ලංකාවේ පදිංචි, වාර්ෂික මුළු ආදායම රුපියල් 1,800,000 (ලක්ෂ 18) නොඉක්මවන අයෙක්ද? එසේනම් ඔබේ බැංකු පොලියෙන් අය කරන 10% ක අත්තිකාරම් ආදායම් බද්දෙන් (AIT/WHT) නිදහස් වීමට ඔබට අවස්ථාව ඇත!
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අංක SEC/2026/E/01 දරන නව චක්‍රලේඛය අනුව ඔබට මෙම සහනය ලබාගත හැකිය.
ඔබ කළ යුත්තේ කුමක්ද?
✅ TIN අංකයක් ලබාගන්න: මේ සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය වේ.
✅ ප්‍රකාශන පත්‍රය පුරවන්න: ISD/WHT/02-E ආකෘති පත්‍රය පුරවා ඔබ ගිණුම් පවත්වාගෙන යන බැංකුවට භාර දෙන්න.
✅ එක් වරක් පමණයි: ඔබේ ආදායම ලක්ෂ 18 සීමාව ඉක්මවන තෙක් මෙම ප්‍රකාශය ඉදිරි වසර සඳහා ද වලංගු වේ.
විශේෂ අවධානයට:
ඔබ බැංකු කිහිපයක ගිණුම් පවත්වාගෙන යන්නේ නම්, සෑම බැංකුවකටම වෙන වෙනම පත්‍රිකා ලබා දිය යුතුය.
බාලවයස්කාර දරුවන්ගේ ගිණුම් සඳහා භාරකරුට මෙම ප්‍රකාශය ඉදිරිපත් කළ හැකිය.
අසත්‍ය තොරතුරු සැපයීම රුපියල් 200,000 දක්වා දඩයකට යටත් විය හැකි වරදකි.
වැඩිදුර විස්තර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1944 අමතන්න හෝ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
01/04/2026
Stop the 10% Tax Deduction on Your Savings Interest! 💰🏦
Are you a resident individual in Sri Lanka earning interest on your savings or fixed deposits? If your total annual income is Rs. 1.8 Million or less, you might be eligible for relief from the 10% Advance Income Tax (AIT).
The Inland Revenue Department has issued Circular No: SEC/2026/E/01 (effective April 1, 2026) regarding the self-declaration process.
Key Highlights:
✅ Who qualifies? Residents whose total income (pension + business + interest + other) does not exceed Rs. 1,800,000 per year.
✅ What do I need? You must have a TIN (Taxpayer Identification Number).
✅ How to apply? Download Form No. ISD/WHT/02-E from www.ird.gov.lk and submit the completed form to your bank.
✅ One & Done: Your declaration stays valid for future years unless your income grows beyond the tax-free limit!
⚠️ Important: * Submit your forms before the bank deducts the tax.
Ensure all info is accurate—penalties for false declarations can reach Rs. 200,000.
25/12/2025
✨ Season’s Greetings from Promax Consultancy ✨
Wishing you peace, happiness, and prosperity this festive season.
🎄 Merry Christmas & a Prosperous New Year! 🎆
24/12/2025
📪 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 2023/2024 බදු වර්ෂයට අදාලව බදුවාර්තාව ගොනු කරන්න කියල රෝස පාට කොලේක ප්‍රින්ට් කරපු ලියමුක් ඔයාටත් ලැබුනද? එහෙනම් මේක ඔයාට වැදගත් වෙයි.
⭕️ මේ ලියුමෙන් කියැවෙන්නෙ මේ ලිපිය ලැබුනු කෙනා 2023/2024 වර්ෂය වන විට පුද්ගල ආදායම් බදු සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ බදු ගෙවන්නෙක් විදියට ලියපදිංචි පුද්ගලයෙක් බවත්, එකී 2023/2024 වර්ෂය සදහා ඔහු හෝ ඇය බදු වාර්තාව ගොනු කර නොමැති බවත් , එම නිසා එකී බදු වාර්තාව ගොනු කරන ලෙසත් කරන ලද දැනුම් දීමක්.
⭕️ මේකට මොකද කරන්න ඕන?
ඔබගේ ආදායම අනුව බදු ගෙවීමක් කරන්න තිබුනත් නැතත් ඔබට සිද්ධ වෙනවා බදු වාර්තාවක් ඉදිරිපත් කරන්න.
⭕️ බදු වාර්තාව දේශීය ආදායම් වෙත ඉදිරිපත්කරන්නෙ කොහොමද?
මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට (Online) තමා කරන්න තියෙන්නෙ. ඒකට මුලින්ම දේශීය අදායම් වෙත ගිහින් තමන්ගෙ බදු අංකය දීල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ RAMIS පද්ධතියෙ ඔබගේ බදු ගිණුමට පිවිසීමට PIN අංකයක් ලබාගතයුතු වෙනවා.
⭕️ ඊට පස්සෙ මොනවද කරන්න ඕන?
1. ඔබ රැකියාවක් කරනවානම් , උපයනවිට ගෙවීම් බදු (PAYE) ගෙවනවානම්, ඔබගේ රැකියා ස්ථානයෙන් T-10 සහතිකය ලබාගන්න.
2. ඔබට බැංකුවලින් පොලී ආදායම් ලැබිල තියෙනවනම්, ඒවායින් රදවාගැනීමේ බදු (WHT) ඒ ඒ බැංකුවලින් 2023/2024 වර්ෂයට අදාලව රදවාගැනීමේ බදු සහතික ලබාගන්න
3. ඔබ ව්‍යාපාරයක යෙදෙනවානම් එම වර්ෂයට අදාලව ආදායම් වියදම් පිලිබද ලේඛණයක් සකස් කරගන්න
4. ඊට අමතරව 2024/03/31 දිනට ඔබේ නමින් පවතින සියලු වත්කම් ( නිශචල, චංචල, මූල්‍ය, ව්‍යාපාරික, කොටස් ආයෝජන ආදී) සහ වගකීම් පිලිබද විස්තරයක් සකස් කර ගන්න.
⭕️ඊලගට
දැන් තමයි ඔබට බදු උපදේශකවරයෙක් හෝ ගණකාධිකාරීවරයෙක්ගෙ සේවය අවශ්‍ය වෙන්නෙ. මේ විස්තර ටික ලෑස්ති කරගෙන ඔබට සුදුසුයි කියල හිතෙන විෂය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුගෙ සේවය ලබාගන්න. ඔබ සපයන විස්තර හා ලියවිලි මත ඔබගේ බදු වගකීම ගණනය කරල ඔබගේ බදු වාර්තාව ඉදිරිපත් කරවා ගන්න.
සමහරැන්ගේ බදුගණනය සරල වුවත් සමහරැන්ගේ බදු ගණනය සංකීර්ණ වෙන්න පුලුවන්. ඉහතින් කියල තියෙන්නෙ ඉතා සරල බදු ගණනයකට අදාල තොරතුරැ පමණයි. මේක එකිනෙකාගෙ බදු ගණනයෙ ස්වභාවය අනුව අවශ්‍ය තොරතුරැ හා ලේඛණ වෙනස්වෙන්න පුලුවන්. තවත් දෙයක්, ඔබේ බදු වාර්තා සකස් කිරීමේදී සේවාව සපයන කෙනා අයකරන් ගාස්තුව ඒ අනුව වෙනස් වෙන්න පුලුවන්. වෙන්න පුලුවන් අපහසුතා මගහරවාගන්න මුලින් සේවාව සදහා Quotation එකක් ලබාගෙන හෝ ගාස්තු පිලිබද එකඟතාවයකට ඇවිත් සේවාව ලබාගන්න.
🚫වැදගත්ම දේ තමයි මේ ලිපිය මොනම විදියකටවත් නොසලකා හරින්න එපා. ඒක ඔබව අනවශ්‍ය කරදරවලට පැටලීමට ආරම්භයක් වෙන් පුලුවන් වීම
✅තවත් දැනගන්න දෙයක් තියෙනවනම් 0706785666 නොමබ්රේට WhatsApp පණිවිඩයක් තියන්න.
01/10/2025
Wishing a very Happy Children's Day to all the wonderful kids around the world! 💖 Your laughter is music, your curiosity is inspiring, and your potential is limitless. Let's cherish and protect their innocence, allowing them to dream big and shine bright.
12/06/2025
Registration of Authorized Retailers Under Tourist VAT Refund Scheme
04/06/2025
🚀 Launch Your Business with Confidence!
Thinking of starting a Private Limited Company in Sri Lanka? Let Promax Consultancy (Pvt) Ltd handle the entire incorporation process for you – professionally and hassle-free!
✅ All-Inclusive Incorporation Packages
💼 Services Included:
ROC Incorporation Fees
Certified Copies of Form 01 & Articles of Association
Tax Identification Number (TIN)
Share Certificates
Pre-Inked Director Seal
Bank Account Opening Docs
Full professional support from start to finish
🎁 Free Company Secretarial Services for the 1st Year!
From the 2nd year onwards: Just Rs. 10,000/- per year (excluding ROC filing charges)
📥 We'll guide you through every step – from name reservation to final registration.
📞 For more info or to get started, message us or call now!
070 167 0985 , [email protected]
🧾 We also offer complete Accounting & Taxation services – ask for a quote.
👉 Promax Consultancy – Your Partner in Professional Company Setup