Super A Plus Micro Credit

Super A Plus Micro Credit

Share

🌟Your Successful Financial Partner for a
Winning Life

27/08/2026

අද අපි දකින ශ්‍රී දළදා පෙරහැර, අලි ඇතුන්, නර්තනය, හේවිසි හඬ සහ ආලෝකයෙන් පිරුණු උත්සවයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය, රාජ්‍ය බලය, සංස්කෘතිය, සොබාදහම සහ කෘෂිකාර්මික ජීවිතය එකට බැඳුණු සියවස් ගණනාවක කතාවකි. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වේ.

කාලයත් සමඟ ශ්‍රී ද දන්ත ධාතූන් වහන්සේ ආගමික වස්තුවක් පමණක් නොවීය. එය රටේ රාජ්‍ය බලය සමඟද බැඳුණු ජාතික සංකේතයක් බවට පත්විය. රාජධානියෙන් රාජධානියට ආරක්ෂා කරගෙන ගිය එම උරුමය අවසානයේ මහනුවර රාජධානියේ ස්ථාපිත විය.

අද අප දකින පෙරහැර එකම සම්ප්‍රදායකින් බිහි වූ එකක් නොවේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පෙරහැරකින් වැඩම කරවීමේ සම්ප්‍රදාය සහ දේවාල ආශ්‍රිත ඇසළ පෙරහැර සම්ප්‍රදායන් කාලයත් සමඟ එකට බැඳී අද අප දකින ශ්‍රී දළදා පෙරහැර නිර්මාණය විය.

මෙහි ඇති අපූරුම කාරණය වන්නේ පෙරහැර සහ සොබාදහම අතර ඇති සම්බන්ධයයි. පැරණි ශ්‍රී ලාංකික ජන ජීවිතය වැසි, ජලය සහ වගාව මත ගොඩනැගී තිබුණි. ඒ නිසා සරු අස්වැන්න, ජලය සහ සශ්‍රීකත්වය පිළිබඳ බලාපොරොත්තුද මෙම සංස්කෘතික සම්ප්‍රදායන් සමඟ බැඳී තිබුණි.

පෙරහැර අවසානයේ සිදු කරන දිය කැපීමේ චාරිත්‍රයද ජලය සහ සොබාදහම සමඟ ශ්‍රී ලාංකික ජන ජීවිතයට තිබූ ගැඹුරු බැඳීම සිහිපත් කරයි.

එකම පෙරහැරක් තුළ බුද්ධාගම, රාජ්‍ය ඉතිහාසය, දේශීය විශ්වාස, කලාව, නර්තනය, සංගීතය සහ සොබාදහම එකට ජීවමාන වීම ශ්‍රී දළදා පෙරහැරේ ඇති විශේෂත්වයයි.

ඒ නිසා දළදා පෙරහැර කියන්නේ මහනුවර වීථියක ගමන් කරන පෙරහැරක් පමණක් නොවේ.

එය සියවස් ගණනාවක ඉතිහාසයක් අදත් ජීවමානව ගමන් කරන මොහොතකි.

ශ්‍රී ලංකාවේ විශ්වාසය, සංස්කෘතිය, කලාව සහ ජාතික උරුමය එකම පෙරහැරකින් ලෝකයට කියා දෙන අතිවිශිෂ්ට කතාවකි.

26/08/2026

ආදරය... කරුණාව... සාමය...

සමහර ශ්‍රේෂ්ඨ මිනිසුන් තමන් ජීවත් වූ කාලයට පමණක් අයිති වෙන්නේ නැහැ.

ඔවුන්ගේ ජීවිතය...

ඔවුන්ගේ වචන...

ඔවුන්ගේ ආදර්ශ...

කාලය ඉක්මවා මනුෂ්‍යත්වයටම ආලෝකයක් ලබා දෙනවා.

Milad-un-Nabi යනු නබි මුහම්මද් තුමාගේ උපත සිහිපත් කරන පුණ්‍යවත් අවස්ථාවක් පමණක් නොවෙයි.

එය අපට නැවතත් මතක් කර දෙන්නේ...

මිනිසෙකුගේ උසස්කම බලයෙන් නොව,
කරුණාවෙන් මැනිය යුතු බවයි.

වෙනස්කම් තිබුණත්,
එකිනෙකාට ගරු කළ හැකි බවයි.

වෛරය වෙනුවට,
සාමය තෝරාගත හැකි බවයි.

තමන් ගැන පමණක් නොසිතා,
තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයට යහපතක් කළ හැකි බවයි.

අද ලෝකය තුළ මිනිසුන් අතර භාෂාවන් වෙනස්.

ආගම් වෙනස්.

ජාතීන් වෙනස්.

සංස්කෘතීන් වෙනස්.

නමුත් අප සියල්ලන්ම එකට බැඳ තබන සත්‍යයක් තිබෙනවා.

අපි සියල්ලෝම මනුෂ්‍යයෝ.

ඒ මනුෂ්‍යත්වය තුළ
ආදරය තිබෙනවා නම්...

කරුණාව තිබෙනවා නම්...

ගෞරවය තිබෙනවා නම්...

සාමය තිබෙනවා නම්...

ලෝකය වඩාත් ලස්සන තැනක් බවට පත් කරන්න අපට පුළුවන්.

මෙම අර්ථවත් Milad-un-Nabi දිනයේදී,

සාමයෙන් පිරුණු හෙටක්,
කරුණාවෙන් බැඳුණු හදවත්,
සහෝදරත්වයෙන් එකමුතු වූ ලෝකයක් සඳහා අපි සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු.

සමස්ත ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට
Milad-un-Nabi දිනය නිමිත්තෙන්
සාමය, සතුට, ආදරය සහ ආශිර්වාදයෙන් පිරි සුබ ප්‍රාර්ථනා!

With love and respect,
Super A Plus Micro Credit

Photos from Super A Plus Micro Credit's post 21/08/2026

දේශයේ යශෝරාවය නිහඬ වෙයි…

ශ්‍රී ලාංකේය ගීත කලාවේ අමරණීය ස්වරය වූ, පරම්පරා ගණනාවක රසික හදවත් තම මධුර හඬින් ස්පර්ශ කළ දේශයේ යශෝරාවය, විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳව SUPER A PLUS MICRO CREDIT ආයතනයේ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමු.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙත ඇය විසින් සිදු කළ අමිල මෙහෙවරත්, ඇයගේ අසමසම හඬින් අප හදවත් තුළ රැඳවූ අමරණීය ගීත සමුදායත් කිසිදා මැකී නොයන කලා උරුමයක් ලෙස සදා පවතිනු ඇත.

දේශයේ යශෝරාවය ලෙස ශ්‍රී ලාංකේය කලා අඹරේ සදා දිදුලන නන්දා මාලනී මහත්මියගේ වියෝව අප රටටත්, සංගීත ක්ෂේත්‍රයටත් පිරිමැසිය නොහැකි පාඩුවකි.

මෙම දුක්බර අවස්ථාවේදී ඇයගේ පවුලේ සියලු ඥාතීන්ට, හිතවතුන්ට සහ සුවහසක් රසික ජනතාවට SUPER A PLUS MICRO CREDIT ආයතනයේ සාතිශය සංවේගය පළ කර සිටිමු.

ඇයගේ උතුම් ආත්මයට නිවන් සුව ලැබේවා!

29/07/2026

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ගේ ද අතිශයින් වැදගත් පුන් පොහොය දිනයක් වන ඇසල පුර පසළොස්වක් පොහොය දිනය බුදු දහමේ මෙන්ම අපේ ජාතික ඉතිහාසයේ ද රන් අකුරින් ලියැවුණු සුවිශේෂී සිදුවීම් රැසක් සනිටුහන් කරන ස්වර්ණමය සන්ධිස්ථානයකි.

බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, සිද්ධාර්ථ කුමාරයා මහාභිනිෂ්ක්‍රමණය කිරීම, ලොවටම දහම් දොර විවර කරමින් බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය හෙවත් ධම්සක්පැවතුම් සූත්‍රය දේශනා කිරීම මෙන්ම තව්තිසා දෙව්ලොවට වැඩම කර අභිධර්මය දේශනා කිරීම ආදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අසිරිමත් සිදුවීම් රැසක් මෙම දිනයේදී සිදුවී ඇත.

තවද, මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ශ්‍රී ලංකාවට වැඩම කර අරිට්ඨ කුමරු ඇතුළු පිරිස ප්‍රථම වරට ඇතුළත් වීම සහ බුදු සසුන ලංකාවේ මූල බැසගැනීමේ මූලික කටයුතු ඇසල පොහොය මුල් කරගනිමින් සිදුවීම ලංකා ඉතිහාසයට එක්වූ වැදගත්කම තවත් වැඩි කරයි

භික්ෂූන් වහන්සේලා වස් කාලය ආරම්භ කරමින් පෙර වස් සමාදන් වීම ඇසල අමාවක දින සිදුවන අතර, අපේ සංස්කෘතික අභිමානය මනාව කියාපාන ලෝක ප්‍රසිද්ධ මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය ඇතුළු දිවයිනේ අනෙකුත් දේවාල පෙරහැර මංගල්‍යයන් පැවැත්වීම ආරම්භ වන්නේ ද මෙම ඇසල පුන් පොහොය මුල් කරගනිමිනි.

29/06/2026

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන දිනයකි. එහි ඇති ප්‍රධානතම ඓතිහාසික වැදගත්කම වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ලක්දිවට වැඩම කරමින් බුදු දහම මෙරට දායාද කිරීමයි.

ක්‍රි.පූ. 247 වසරේදී, පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පව්වේදී දේවානම්පියතිස්ස රජතුමාව මුණගැසී බුදු දහම දේශනා කිරීම ආරම්භ කරන ලදී. මිහිඳු හිමියන් රජුට දේශනා කළ ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැලකෙන්නේ 'චූලහත්ථිපදෝපම' සූත්‍රයයි. මෙම දේශනයෙන් පසු රජු සහ පිරිස තෙරුවන් සරණ ගියහ.

බුදු දහම ලංකාවට හඳුන්වා දීමත් සමඟ මෙරට සාහිත්‍යය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, අධ්‍යාපනය සහ සමාජ සාරධර්ම යන ක්ෂේත්‍රවල දැවැන්ත ප්‍රබෝධයක් ඇති විය. විශේෂයෙන්ම බුදු දහම නිසා ලාංකීය සමාජයේ මනුෂ්‍යත්වය සහ ශිෂ්ටාචාරය වර්ධනය විය.

බුදු දහම රාජ්‍ය ආගම බවට පත්වීමත් සමඟ ලංකාවේ රාජ්‍ය පාලනයට හා සමාජ පිළිවෙත්වලට බෞද්ධ දර්ශනය මුල් විය.
මෙම ඓතිහාසික සිදුවීම ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ගොඩනැගීමටත්, සිංහල සංස්කෘතියේ පදනම ශක්තිමත් කිරීමටත් ඉමහත් බලපෑමක් සිදු කළේය. එබැවින් පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් ගෞරවනීය හා වැදගත් දිනයකි.

30/05/2026

රාජ්‍ය වෙසක් කලාපයට සමගාමිව Super A Plus Micro Credit සමාගම විසින් සංවිධානය කරනු ලබන ඔසුපැන් දන්සල, මාතර දික්වැල්ල වැව්රුකන්නල රජමහ විහාරස්තානය අභියසදී මැයි 30 වන දින සවස 4 සිට පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් අරාධනා.

30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!!!

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි. එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.

බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක ධනවත් පවුලක සුමේධ නම් තරුණයෙකු ලෙසින් උප්පත්තිය ලැබුවා. නමුත් සුමේධ තරුණ වියට එළඹෙන විටම ඔහුගේ දෙමාපියන් කළුරිය කළා. ඉන් පසුව සුමේධ තරුණයාගේ දෙමාපියන්ගේ මුදල් පාලනය කළ තැනැත්තා මේ ඔබගේ පියාගේ, මවගේ, සහ සීයාගේ ධනය ලෙස පවසා විශාල ධන සම්භාරයක් ඔහුට ලබාදුන්නා. සිය දෙමාපියන් සහ සීයා මියයන විට එකදු රන් කහවණුවක්වත් රැගෙන ගියේ නැහැ. එම නිසාම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් සුමේධ තරුණයා සියළු ධනය ජනතාවට බෙදා දී තාපසයෙකු වනගත වී භාවනා කළා. ඉන් පසුව සෘධි බල ලබාගත් සුමේධ තාපසයා දිනක් සෘධියෙන් ගමන් කරන විට ගමක පිරිසක් පාරක් සකසමින් සිටියා. එම අවස්ථාවේ දී සුමේධ තාපසයාට දැනගැනීමට ලැබුණේ දීපංකර බුදුන් වහන්සේ වැඩීමට නියමිත මඟ එලෙස සකස් කරන බව යි. එදා සුමේධ තාපසයාත් මාර්ගයේ කොටසක් සකස් කිරීමට දෙන මෙන් ඉල්ලා සිටීමෙන් පසුව ඔහුට මඩ වලවල් පිරි දුෂ්කර කොටසක් ලැබුණා. සුමේධ තාපසයා වෙහෙස මහන්සි වී මාර්ගය පිළියෙල කළත් දීපංකර බුදුන් වහන්සේ වඩින අවස්ථාව වන විට එක මඩ වලක් පුරවා තිබුණේ නැහැ. එම අවස්ථාවේ දී සිය සිරුරෙන් මඩ වල වසාගත් තවුසා ඔහුගේ සිරුර උඩින් වැඩමකරන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එදා සුමේධ තවුසා එලෙස වීර්යය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ වෙසක් පොහොය දිනයක දී යි.

සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දැකීමෙන් පසුව ලෝකවාසීන් දුකින් මුදාගැනීම සඳහා ගිහිගෙය හැර ගියා. සිද්ධාර්ථ කුමාරයා එලෙස දුටු සතර පෙරනිමිතිවලින් ව්‍යාධි රූපය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දී යි. ඒ අනුව වෙසක් පොහොය දිනයක සිදුවුණු වැදගත් සිදුවීම් අතරට එයත් ඇතුළත් වනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දස මසකින් සිය උපන් ගම වුණු කිඹුල්වත් පුරයට වැඩම කළා. එම ගමනේ දී බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තුළ තිබුණු මාන්නය දුරු කරලීම සඳහා යමා මහා පෙළහර පානු ලැබුවේත් වෙසක් පොහොය දිනයක දී යි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා ලෙසින් කටයුතු කළේ ආනන්ද තෙරුන් වහන්සේ යි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රෝහීණී ගඟ මධ්‍යයේ වාසය කළ ආනන්ද මහා රහතන් වහන්සේ වසර 120ක් ආයු වළදා පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දිනයක දී යි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වර්ෂ 8කට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළනියට වැඩම කළේ වෙසක් පොහොය දිනයක දී යි. එදිනම සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කර එහි දී දිවා විහරණය කළා.

වෙසක් පොහොය දිනයේම විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට පැමිණියා. එලෙස පැමිණි විජය රජතුමා පසුව කුවේණියගේ ආධාරය ද ඇතිව ලංකාවේ පළමු රජතුමා ලෙසින් අභිෂේක ලැබුවා.

දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීමද වෙසක් පොහොය දිනයකදී සිදුවිය. දේවානම්පියතිස්ස රජුගේ හොඳම මිතුරෙකු වුණු ධර්මාශෝක රජතුමා විසින් එවන ලද සිංහාසනය, කඩුව, ඔටුන්න, හක්ගෙඩිය, සහ මිරිවැඩි සඟල යන පංච කකුධ භාණ්ඩ සහිතව දේවානම්පියතිස්ස රජතුමා දෙවන වරටත් රාජාභිෂේකය ලැබුවේ වෙසක් පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වනවා.

වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම්
ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයක යි.

තෙරුවන් සරණයි!🙏🏼🙏🏼

29/05/2026
29/05/2026

රාජ්‍ය වෙසක් කලාපයට සමගාමිව Super A Plus Micro Credit සමාගම විසින් සංවිධානය කරනු ලබන ඔසුපැන් දන්සල, මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්තානය අභියසදී මැයි 30 වන දින සවස 4 සිට පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් අරාධනා.

28/05/2026

"කැපකිරීම, ඉවසීම සහ කරුණාව සිහිපත් කරන උතුම් ඊද් අල්-අද්හා දිනය අදයි. 🤲✨

අද දින සිහිපත් කරන්නේ ඉබ්‍රාහිම් නබිතුමාගේ දැඩි කැපකිරීම සහ දෙවියන් වහන්සේ කෙරෙහි ඔහු දැක්වූ අචල භක්තියයි. මෙම දිනයේදි ලොවට කියා දෙන්නේ අප සතු දේ අසරණයන් සමඟ බෙදාහදා ගැනීමේ උතුම් ගුනාංගය සහ පවුලේ බැඳීම්වල ඇති උතුම් බවයි.

ඔබ ​සැමට සාමය සහ සතුට පිරි සුබ ඊද් අල්-අද්හා උත්සවයක් වේවා! 🌙⭐

Want your business to be the top-listed Accountant in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


598 M, Hirimbura Road, Karapitiya
Galle
80000

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00