Income Tax.LK

Income Tax.LK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Income Tax.LK, Tax preparation service, Colombo.

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය බදු උපදේශකයින්

✅ Personal & Corporate Income Tax Returns
✅ TIN Registration & Tax Compliance
✅ Company Tax Advisory Services
✅ Online Tax Filing Across Sri Lanka

📞 Hotline | WhatsApp: 0777 440 265

🌐 www.incometax.lk

22/06/2026

2025/2026 නව බදු වර්ෂය ආරම්භ වී ඇත!

ඔබගේ ආදායම් බදු වගකීම් නිවැරදිව සැලසුම් කරගෙන, නීතිමය අනුකූලතාවය සමඟ ඉදිරියට යාමට දැන්ම සූදානම් වන්න.

✅ පුද්ගල ආදායම් බදු උපදේශන
✅ ස්වයං රැකියා හා ව්‍යාපාරික බදු සැලසුම්
✅ බදු ගොනු කිරීම (Tax Filing)
✅ TIN ලියාපදිංචිය
✅ බදු ගණනය කිරීම් හා අනුකූලතා සේවා
✅ වෘත්තීය සහ විශ්වාසනීය උපදේශන

📅 2025/2026 බදු වර්ෂය සඳහා අදම ඔබගේ බදු කටයුතු නිසි ලෙස ආරම්භ කරන්න.

බදු සැලසුම් කිරීම අද ආරම්භ කළහොත්, හෙට දවසේ අනවශ්‍ය ගැටළු සහ දඩ මුදල් වළක්වා ගත හැකිය.

23/05/2026

📢 2026 සිට සමාගම් ලියාපදිංචියේ අලුත්ම නීතිමය වෙනස
(Beneficial Ownership Rules – Sri Lanka)

2026 මාර්තු 30 සිට ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට වැදගත් නව නීතිමය සංශෝධනයක් හඳුන්වා දී ඇත.

2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනත සහ 2026 අංක 01 දරන Beneficial Ownership Regulations අනුව, නව සමාගමක් ලියාපදිංචි කිරීමේදී එම සමාගමේ “සැබෑ හිමිකරුවන්” (Beneficial Owners) කවුදැයි රජයට අනිවාර්යයෙන්ම හෙළි කළ යුතු වේ.

🔹 මීට පෙර eROC පද්ධතිය හරහා Form 1, 18, 19 සහ Articles of association submit කිරීමෙන් ලියාපදිංචිය අවසන් වුවද, දැන් එය පමණක් ප්‍රමාණවත් නොවේ.

🔹 නව ක්‍රමය අනුව පහත BO Forms දෙකද අනිවාර්යයෙන් submit කළ යුතුයි:

✅ Form BO5
සමාගම වෙනුවෙන් Beneficial Ownership තොරතුරු නඩත්තු කරන සහ රජය සමඟ සම්බන්ධීකරණය කරන ශ්‍රී ලංකාවේ පදිංචි බලයලත් පුද්ගලයෙකු පත් කිරීම.

✅ Form BO1
සමාගමේ 10% හෝ ඊට වැඩි කොටස්/පාලන බලය ඇති සැබෑ පුද්ගලයන්ගේ විස්තර, TIN අංක ඇතුළු තොරතුරු ප්‍රකාශ කිරීම.

⚠️ මෙම BO Forms ඉදිරිපත් නොකරන සමාගම් ලියාපදිංචි කිරීම අවසන් වූවක් ලෙස සලකන්නේ නැති අතර අයදුම්පත් ප්‍රතික්ෂේප විය හැක.

🔍 ජනතාවට දෘශ්‍යමාන වන තොරතුරු:
• පූර්ණ නම
• පුරවැසිභාවය
• පදිංචි රට
• ව්‍යාපාරික ලිපිනය
• අයිතිවාසිකමේ ස්වභාවය

🔒 රාජ්‍ය ආයතන සඳහා පමණක් සීමා වන තොරතුරු:
• NIC / Passport අංක
• TIN අංක
• උපන් දිනය
• පෞද්ගලික ලිපිනය

මෙම තොරතුරු FIU, IRD, රේගුව, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන වෙත පමණක් ලබාදේ.

🚨 නීතිය උල්ලංඝනය කළහොත්:
මෙය සාමාන්‍ය ප්‍රමාදයක් ලෙස සලකන්නේ නැත. අධ්‍යක්ෂවරුන් සහ සමාගම් ලේකම්වරුන්ට පෞද්ගලිකවම දඩ සහ බන්ධනාගාර දඬුවම් පවා පැනවිය හැක.

📌 දැනට පවතින සියලුම සමාගම් ද 2026 මාර්තු 30 සිට මාස 6ක් ඇතුළත තම Beneficial Ownership තොරතුරු යාවත්කාලීන කළ යුතුය.

💡 2026 අවසන් වන විට ශ්‍රී ලංකාවේ සියලුම සමාගම් මෙම නව BO පද්ධතියට අනුකූල විය යුතු වේ.

Inland Revenue Department 20/05/2026

ඊයේ සම්මත වූ ශ්‍රී ලංකාවේ නව බදු සංශෝධන පනතින් ඔබට සිදුවන බලපෑම හරියටම දැනගන්න...

■ TIN අංකය වදයක් නොවී අරගන්න හැටි මෙන්න… පියවරින් පියවර ගොස් මේ දැනම TIN අංකය අරගන්න…

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය වඩාත් සරල, සාධාරණ සහ නවීන මෙන්ම බදු මඟහරින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ අරමුණින් යුතුව සකස් කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (මැයි 19) පාර්ලිමේන්තුවේදී සංශෝධන කිහිපයක් සහිතව සම්මත විය.
පැරණි බදු නීති රීතිවල පැවති සංකීර්ණ ස්වභාවය අවම කිරීම සහ රටේ බදු දැල පුළුල් කරමින් වැඩි පිරිසක් විධිමත් බදු ක්‍රමය වෙත දායක කරවා ගැනීම රජය විසින් මෙම පනත හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී මේ සඳහා තවත් වැදගත් වැඩිදියුණු කිරීම් කිහිපයක් ඇතුළත් කරනු ලැබීය. මෙම පනත මඟින් පැනවෙන දඩ මුදල් ලිහිල් කරන ලෙස සහ දඩ මුදල් ගෙවීම සඳහා වැඩි කාලයක් ලබා දෙන ලෙස විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඉල්ලීම් කළද, රජය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මුල් දැඩි නීති රීති ඒ අයුරින්ම රඳවා ගනිමින් පනත සම්මත කිරීමට පියවර ගත්තේය.

■මෙම නව බදු නීතිය සම්මත කළේ ඇයි?

දේශීය ආදායම් සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම පිටුපස ඇති මූලිකම ඉලක්කයන් මෙසේය:

●අවංක බදු ගෙවන ජනතාවට ගණනය කිරීම් සිදුකිරීම සහ බදු වාර්තා (Tax Returns ) ගොනු කිරීම වඩාත් සරල සහ පහසු කර දීම

●බදු පැහැර හැරීම් සහ මඟ හැරීම් වලට එරෙහිව පවතින නීතිමය ප්‍රතිපාදන සහ රීති තව දුරටත් ශක්තිමත් කිරීම

●බදු දැල ( Tax Net ) පුළුල් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ අයුරින් බදු ක්‍රියාවලියට දායක වීමට ඉඩ සැලසීම

●රටේ සැමදෙනාටම එක ලෙස බදු අනුපාත ඉහල නැංවීමකින් තොරව,රජයේ බදු ආදායම් එකතු කිරීමේ යාන්ත්‍රනය වඩත් කාර්‍යක්ෂම සහ විධිමත් කිරීම

■සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට සෘජුවම බලපාන ප්‍රධාන වෙනස්කම් 3ක්

1▪︎වයස අවුරුදු 18ට වැඩි සැමට TIN අංකයක් අනිවාර්ය වෙයි – 2026 අප්‍රේල් මාසයේ සිට (නැතහොත් මෙම පනත සම්පූර්ණයෙන්ම බලාත්මක වූ වහාම ක්‍රියාත්මක වන පරිදි) වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් හෙවත් TIN (Taxpayer Identification Number) අංකයක් තිබීම අනිවාර්ය වේ.

■ඔබගේ දෛනික ජීවිතයේ වැදගත් කාර්යයන් රැසක් සඳහා මෙම TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, එම කාර්යයන් මෙසේය:

●ඕනෑම බැංකුවක නව ගිණ්මක් ආරම්භ කිරීම හෝ පවතින ගිණුම් ප්වත්වාගෙන යෑම

●වාහනයක් ලියාපදිංචි කිරීම හෝ වාහන ආදයම් බලපත්‍ර අලුත් කිරීම

●ඉඩම් හෝ දේපොල ලියාපදිංචි කිරීම

●ගොඩනැගිලි පහසුකම් සඳහා අනුමැතිය ලබා ගැනීම

●ව්‍යාපරායක් ලියාපදිංචි කිරීම

●සමාගමක කොටස් පැවරීම (Transferring shares)

●ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීම

●රජයේ තවත් සේවාවන් රැසක් ලබා ගැනීම

ඔබට අදාළ TIN අංකය නොමැති වුවහොත්, ඉහත සඳහන් කළ දෛනික සේවාවන් සියල්ල අත්හිටුවීමට හෝ අවහිර වීමට ඉඩ ඇති අතර ඒ සඳහා දඩ මුදල්වලටද යටත් වීමට සිදුවේ. මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙරට බදු ක්‍රමවේදයට සෘජුවම සම්බන්ධ කෙරෙන, මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම බදු ප්‍රතිසංස්කරණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

1▪︎බදු නීති කඩ කරන්නන්ට දැඩි දඬුවම් සහ දඩ මුදල් – බදු නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සඳහා මෙම නව පනත මඟින් ඉතා දැඩි දඬුවම් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම:

●නිසි පරිදි ITN අංකයක් ලබාගෙන ලියාපදිංචි නොවීම

●නියමිත වේලාවට බදු වාර්තා ( Tax Returns ) ගොනු නොකිරීම

●දේශීය ආදයම් දෙපාර්තුමේන්තුව (IRD) විසින් ඉල්ලා සිටින අවස්ථාවකදී අවශ්‍ය තොරතුරු පැහැර හැරීම

මෙවැනි නීති උල්ලංඝනය කිරීම් සඳහා පැනවිය හැකි දඩ මුදල රුපියල් 400,000 දක්වා ඉහළ දමා ඇති අතර, බරපතළ වැරදි සම්බන්ධයෙන් මාස 6ක් දක්වා වූ බන්ධනාගාරගත කිරීමේ දඬුවම් පැනවීමටද අධිකරණයට බලය ලැබේ.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නීතිමය පියවර ගැනීමට ප්‍රථම අදාළ පුද්ගලයාට නිල නිවේදනයක් සහ වැරදි නිවැරදි කරගැනීමට දින 30ක කාලයක් හිමිවේ. මෙම දඩ මුදල් ලිහිල් කරන ලෙස සහ දින 30ක කාලය දින 90 දක්වා දීර්ඝ කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටියද රජය එම ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

3▪︎සුබ ආරංචියක් – සරල සහ වඩාත් සාධාරණ නීති රීති – මෙම දැඩි නීති මධ්‍යයේ සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට සහන සලසන සුබදායී වෙනස්කම් කිහිපයක්ද පනතට ඇතුළත්ය:

●පසුගිය වසරේ ආදායම් මත පදනම්ව වාරික වශයෙන් බදු ගණනය කිරීම සහ බදු ගෙවීම ( Tax Instalment ) වඩාත් පහසු කර තැබීම

●බදු ගෙවන්නන් වෙනුවෙන් පවතින ලිපි ලේඛන කටයුතුවල තිබූ අධික සංකීර්ණත්වය අවම කිරීම

●බදු අය කරනු ලබන ආදායම් මාර්ග මොනවාද යන්න පැහැදිළිව දක්වා තිබීම ( උදාහරණයක් වශයෙන් පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කල වාහනයක් විකිණීමෙන් ලබන ලාභය මත බදු අය නොකෙරේ)

●පැරණි බදු හිඟ මුදල් පවතින්නේ නම්,ඒවා කඩිනමින් පියවීමට කටයුතු කරන පුද්ගලයින්ට බදු සහන හිමිවීම

●අපනයන කරුවන්,සුළු පරිමාණ ව්‍යාපාරකයින්,පරිත්‍යාශීලින් සහ ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වඩාත් හිතකර සහ සාධාරණ පතිපත්ති ඇතුලත් කර තිබීම

4▪︎නොගෙවූ බදු කඩනමින් අයකර ගැනීමට සංශෝධන වලට අනුව හිඟ හෝ පැහැර හැරින ලද බදු මුදල් අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාරග වෙත යොමු වීමට දේශීය ආදයම් දෙපාර්තුමේන්තුව ට පැවති බලතල තව දුරටත් පුලුල් කර තිබේ.කෙසේවෙතත් ,යම් බදු ගෙවන්නෙකු විසින් තමන්ට පැනවූ බදු වලට එරෙහිව නිළ වශයෙන් අභ්‍යාචනයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක හෝ ප්‍රතිශෝධන ඉල්ලීමක් සිදුකර ඇති අවස්ථාවක,එම ක්‍රියාවලිය අවසන් වනතුරු බලහත්කාරයෙන් හෝ දැඩි ලෙස බදු අයකර ගැනීම් සිදු කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව ට ඇති හැකියාව සීමාකර ඇත.මෙය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට අනුව පනතට එක් කරන ලද වැදගත් සහනයකි.

■මෙමඟින් සාමාන්‍ය පුරවැසියා වන ඔබට සිදුවන බලපෑම

●ඔබ දැනටමත් නිසි පරිදි බදු ගෙවන්නෙකු නම්: සරල කර ඇති නීති රීති සහ ලිපි ලේඛන කටයුතු අවම කර තිබීම හේතුවෙන් ඔබගේ දෛනික බදු කටයුතු වඩාත් පහසු වනු ඇත.

●ඔබ මෙතෙක් කිසි දිනක බදු ගෙවා නොමැති නම්: ඔබ වහාම TIN අංකයක් ලබාගෙන නව නීති රීති මාලාව අනුගමනය කළ යුතුය. මෙය පැහැර හැරීමෙන් ඔබගේ එදිනෙදා අත්‍යවශ්‍ය බැංකු සහ දේපළ සේවාවන් රැසක් අඩාල වීමට හෝ සම්පූර්ණයෙන්ම නතර වීමට ඉඩ ඇත.

●ව්‍යාපාරිකයන්, නිදහස් වෘත්තිකයන් (Freelancers) සහ වෘත්තිකයන්: ඔබගේ මූල්‍ය වාර්තා සහ ගිණුම් පොත් ඉතා නිවැරදිව පවත්වාගෙන යාමට සිදුවන අතර, ඇතැම් ගෙවීම් සඳහා වැඩි වශයෙන් රඳවා ගැනීමේ බදු (Withholding Taxes) අය කෙරෙනු ඇත. එමෙන්ම රුපියල් 500,000 ඉක්මවන මහා පරිමාණ මුදල් ගනුදෙනු (Cash Transactions) සඳහා සීමාවන් පැනවෙනු ඇත.

මෙම සමස්ත ක්‍රියාවලියේ මූලිකම පරමාර්ථය වන්නේ සෑම පුරවැසියෙකුම තමන්ට අදාළ සාධාරණ බදු කොටස රට වෙනුවෙන් ගෙවන, විනිවිදභාවයකින් යුත් නවීන බදු ක්‍රමයක් මෙරට තුළ ස්ථාපිත කිරීමය.

■ඔබගේ TIN අංකය ලබා ගන්නේ කෙසේද? (පියවරෙන් පියවර උපදෙස් මාලාව)

TIN අංකයක් ලබා ගැනීම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරගත හැකි අතර ඒ සඳහා ගතවන්නේ කෙටි කාලයකි. බැංකු කටයුතු සහ වාහන ලියාපදිංචි කිරීම්වලදී සිදුවිය හැකි අවහිරතා වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් ඔබගේ TIN අංකය ලබා ගැනීමට කටයුතු කරන්න.

■පළමු ක්‍රමය: අන්තර්ජාලය ඔස්සේ (මාර්ගගත ක්‍රමය) – වඩාත් නිර්දේශිතයි (ගතවන්නේ විනාඩි 10-15ක් පමණි)

1▪︎නිල වෙබ් අඩවියට පිවිසීම: විනාඩි 1-2.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙත පිවිසෙන්න.

2▪︎ලියාපදිංචි වීමේ පිටුව තේරීම:විනාඩි 1.වෙබ් අඩවියේ ඇති e-Services → Access to e-Services → Taxpayer Registration යන විකල්පයන් අනුපිළිවෙලින් ක්ලික් කරන්න.

3▪︎පුරවැසි භාවය තේරීම: විනාඩි 1.එහි දැක්වෙන වර්ගීකරණයන් අතරින් ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා වන Individual Local යන්න තෝරාගන්න.

4▪︎තොරතුරු ඇතුළත් කිරීම: විනාඩි 5.ඔබගේ පුද්ගලික තොරතුරු ඉතා නිවැරදිව ඇතුළත් කරන්න: සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය (NIC), උපන් දිනය, ස්ථිර ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය (Email) සහ ජංගම දුරකථන අංකය.

5▪︎ලේඛන උඩුගත කිරීම සහ යොමු කිරීම:විනාඩි 3.ඔබගේ පුද්ගලික ලේඛනවල පැහැදිලිව ස්කෑන් කරන ලද පිටපත් (Scanned Copies) වෙබ් අඩවියට උඩුගත (Upload) කර, ඉල්ලුම් පත්‍රය සමුද්දේශනය (Submit) කරන්න. මෙම පියවර සම්පූර්ණ කිරීමෙන් පසු ඔබගේ TIN සහතිකය (PDF ලේඛනයක් ලෙස) සහ ඔබගේ බදු ගිණුම සක්‍රිය කර ගැනීම සඳහා අවශ්‍ය වන එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (One-time PIN) ඔබට විද්‍යුත් තැපෑල හරහා ලැබෙනු ඇත.

■ඒ සඳහා අවශ්‍ය වන ලේඛන (පුද්ගලික බදු ගෙවන්නන් සඳහා): ජාතික හැඳුනුම්පතේ (NIC) දෙපැත්තේම පැහැදිලි ඡායාරූපයක් (නැතහොත් වලංගු රියදුරු බලපත්‍රයක්).

ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් (හැඳුනුම්පතේ ඇති ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය වෙනස් නම් පමණක්): මෑතකදී ලබාගත් ජල හෝ විදුලි බිල්පතක්, බැංකු ගිණුම් වාර්තාවක් හෝ මාස 3කට වඩා පැරණි නොවන ග්‍රාම නිලධාරී සහතිකයක්.

■දෙවැනි ක්‍රමය: දේශීය ආදායම් කාර්යාලයක් වෙත සෘජුවම පැමිණීම

●කොළඹ පිහිටි දේශීය ආදයම් බදු දෙපාර්තුමේන්තුව ප්‍රධාන කාර්‍යාලයේ ඇති "ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ ඒකකය [ primary Registrations Unit] වෙත හෝ ඔබගේ ප්‍රාදේශයට ආසන්න ඕනෑම ප්‍රාදේශීය කාර්‍යාලයක් වෙත යා හැකිය.

●එහිදී වෙබ් අඩෙවියෙන් බාගත කර ගත් TPR_002_E ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර,අවශ්‍ය ලේඛනද සමඟින් භාර දිය යුතුය.ප්‍රධාන කාර්‍යාලයෙන් බොහෝදුරුට එදිනම TIN අංකය ලබා ගැනීමට හැකියාව පවතී.

■ප්‍රයෝජනවත් සම්බන්ධතා:
අවසාන උපදෙස

●දේශීය ආදයම් දෙපාර්තුමේන්තු ක්ෂණික ඇමතුම් අංකය 1944

▪︎විද්‍යුත් තැපෑල [email protected]

▪︎ඔබට දැනටමත් TIN අංකයක් තිබේදැයි පරීක්ෂා කිරීමට ; e-services ද්වාරයේ ඇති "veryfy IRD information" මෙවලම භාවිතා කරන්න

■අවසාන උපදෙස

●ප්‍රමාද නොවී අදම මාර්ගගත ද්වාරය (Online Portal) හරහා ඔබගේ TIN අංකය සඳහා ඉල්ලුම් කරන්න. දඩ මුදල්වලින් බේරීම සඳහා ඔබගේ මූල්‍ය වාර්තා නිසි පරිදි තබා ගනිමින් නියමිත වේලාවට බදු වාර්තා ගොනු කිරීමට වගබලා ගන්න. ඔබගේ ආදායම් තත්ත්වය සංකීර්ණ එකක් නම් (ව්‍යාපාරික ආදායම්, විදේශීය ආදායම් ආදිය පවතී නම්), සුදුසුකම් ලත් බදු උපදේශකයෙකුගේ (Tax Advisor) සහය ලබා ගන්න.

මෙම නව නීතිය ශ්‍රී ලංකාව වඩාත් විධිමත් සහ දැඩි බදු ක්‍රමවේදයක් වෙත ගෙන යාමට තැබූ විශාල පියවරකි. මෙමඟින් පුරවැසියන් මත පැටවෙන වගකීම් සහ වගවීම් ඉහළ යන අතරම, නීතිගරුකව බදු ගෙවන සැමට සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව මේ හරහා තහවුරු වනු ඇත. මේ පිළිබඳ සම්පූර්ණ පනත සහ සවිස්තරාත්මක මාර්ගෝපදේශයන් ඉදිරියේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට නියමිතය.

Inland Revenue Department

07/01/2026

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, හොඳම තැන, INCOME TAX .LK වෙත එන්න.

අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)

ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්

නොමිලේ උපදේශන සේවාවක් සහ අපගේ සේවාවන් සඳහා 20% ක වට්ටමක් ලබාගන්න අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0718035537

22/11/2025

ඔයාට ප්‍රශ්ණයක් වෙලා තියෙන Tax වැඩ ට්ක, ඔයාට කිසිම කරදරයක් නොවී අපි කරලා දෙන්නම්. අමාරුවේ වැටෙන්නැතුව හරි පාරෙන් ඔයාගේ Income Tax ට්ක හදාගන්න. call us 077 744 0265
IncomeTax.lk සමග එකතු වී ඔබත් ඔබගේ සියලුම ගිණුම් කටයුතු බදු කටයුතු පහසුවෙන් සිදුකරගන්න.
පහත සේවාවන් අප ආයතනය තුළින් ඔබට ලබාගත හැක.
🟥ගිණුම් පිළියෙළ කිරීමේ සේවා. Accounting & Bookkeeping.
🟥බදු උපදේශන සේවා. Tax Advisory Services.
🟥පුද්ගලික සමාගම් ලියාපදිංචිය සහ සමාගම් ලේකම් සේවා. Company Registration & Company Secretarial Services.
🟥 EPF/ETF ඇතුලු සියලුම මානව කටයුතු සේවා. HR Services.

අදම අමතන්න. 📞 ⁨077 744 0265

19/11/2025
Want your business to be the top-listed Accountant in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo