29/10/2024
ඔයත් මේ දේ කරනවද?
මුදල් ඉතිරි කිරීමේ පළමු පියවර වන්නේ ඔයා මාසිකව කෑම බිම්, බිල්,ගමන් වියදම් සඳහා කොපමණ මුදලක් වියදම් කරනවාද යන්න සොයා බැලීමයි.
ඒක ඔයාට පොතක නැතිනම් ඔයාගේ phone එකේ notepad එකේ සටහන් කරගන්නත් පුළුවන්. මේ tip එක ඔයාගේ අනවශ්‍ය වියදම් අවම කරගන්නට උදව්වක් වේවි.
13/09/2024
හෙට ලොව දිනන අපේ දරුවන්ගේ අනාගතය BOC රන් කැකුළු SMART ගිණුම සමඟ සුරක්ෂිත කරගන්න.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වන දරුවන් සඳහා රුපියල් මිලියන 30ක් වටිනා ශිෂ්‍යත්ව 2000 ක් සහ තෑගි පිරිනමන අතර ඒ සදහා සුදුසුකම් ලැබීම සඳහා රුපියල් 5000ක අවම ශේෂයක්
ඔබගේ දරුවාගේ රන් කැකුළු SMART ගිණුමෙහි පවත්වා ගන්න
වැඩි විස්තර සඳහා, 1975 අමතන්න හෝ ඔබගේ ළඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත පිවිසෙන්න.
12/08/2024
ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික අත්වැලක් සැපයීමේ අරමුණින් ලංකා බැංකුව විසින් සංවිධානය කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ඌව පලාත් පුස්තකාලය ශ්‍රවනාගාරයේදි අගෝස්තු මස 10 වන දින පැවැත්විය.
මෙම අවස්ථාවට බදුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ සරත් රණසිංහ මැතිතුමන්,බදුල්ල සිරිසුමන මහ විදුහලේ විදුහල්පතිතුමන් ටී.එම්.සරත් කරුණාසේන මැතිතුමන් ,බදුල්ල සුජාතා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනී එන්.ටී.එන් කුමාරි මහත්මිය, බදුල්ල ලංකා බැංකු ශාඛාවේ කළමණාකාරිණී ප්‍රමිලා හර්ෂණී මහත්මිය හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර
ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හා දෙමාපියන් දැනුවත් කිරිමේ දේශනයත් සමඟින් සාර්ථකව පැවැත්වුණි.
12/08/2024
ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික අත්වැලක් සැපයීමේ අරමුණින් ලංකා බැංකුව විසින් සංවිධානය කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හපුතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී අගෝස්තු මස 03 වන දින පැවැත්විය.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ ප්‍රදේශ කළමණාකරු කේ.චන්ද්‍රමෝහන් මහතා,හපුතලේ ලංකා බැංකු ශාඛාවේ කලමනාකරු චන්දිමාල් පියසිංහ මහතාගේ හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර
ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හා දෙමාපියන් දැනුවත් කිරිමේ දේශනයත් සමඟින් සාර්ථකව පැවැත්වුණි.
05/08/2024
ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික අත්වැලක් සැපයීමේ අරමුණින් ලංකා බැංකුව විසින් සංවිධානය කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මඩුල්ල ජාතික පාසලේදී (දඹගල්ල ) ජූලි මස 27 වන දින පැවැත්විය.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ ඌව පළාත් සහකාර මහා කළමනාකරු අයි.කේ.නවරත්න මහතා, ඌව පළාත් මෙහෙයුම් කළමනාකාරිණී පුෂ්පා විජේසිංහ මහත්මිය,මොණරාගල ප්‍රදේශ කළමණාකරු අජ්මාල් මහතා,දඹගල්ල ලංකා බැංකු ශාඛාවේ කලමනාකරු ලසන්ත බණ්ඩාර මහතාගේ හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර
ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හා දෙමාපියන් දැනුවත් කිරිමේ දේශනයත් සමඟින් සාර්ථකව පැවැත්වුණි.
31/07/2024
නැණජය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව 2022/2023 ශිෂ්‍යත්ව ප්රදානයේ ප්‍රධාන උත්සවය ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී 2024/07/26 දින උත්සවාකාරයෙන් පැවැත්විණි.
ඊට සමගාමීව ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක නියෝජනය කරන ශිෂ්‍යත්වලාභීන් ඇගයීමට ලක් කිරීම බදුල්ල හෙරිටේජ් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට ලංකා බැංකුවේ ඌව පළාත් සහකාර මහා කළමණාකරු IK නවරත්න මැතිතුමන්,මෙහෙයුම් කළමනාකාරිණී පුෂ්පා විජේසිංහ මහත්මිය ඇතුළු ඌව පළාත් ඉහල කළමණාකාරීතවය , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
10/04/2024
BOC රන් කැකුළු චාරිකා 2024
ලංකා බැංකුව විසින් සංවිධානය කරන ලද චාරිකාව සඳහා දඹගල්ල ලංකා බැංකු ශාඛාව,ඌව පළාත් කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලයේ සහයෝගයෙන් දඹගල්ල, මො/අල්පිටිය මහ විද්‍යාලයේ සිසු දරු දැරියන් ලංකා බැකුවේ ප්‍රධාන කාර්යාලයේ කෞතුකාගාරය ,වරාය සහ සයුරල නෞකාව මෙන්ම නෙලුම් කුළුන ආදී ස්ථානවල චාරිකා කිරීමට අවස්ථාව ලබාදුනි..
,
27/03/2024
හෙට වැඩිහිටියෝ වෙන Smart පොඩ්ඩන්ට...
ඉතුරු කරන්නට මඟ කියදෙන්නට...
ඌව පරණගම ලංකා බැංකු ශාඛාවේ මඟපෙන්වීම යටතේ උමා ඇල මිහිරි පෙරපාසැලේ සංවිධානය කෙරුණු සිඟිති පොල වැඩසටහන..
27/03/2024
ලංකා බැංකුව බදුල්ල අධීශ්රේණී ශාඛාව හා බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද කාන්තා දින වැඩසටහන 22.03.2024 බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි..
ඒ සඳහා ප්‍රධාන දේශක ලෙස ආචාර්ය DNM ආරච්චිගේ මහතා සහභාගී වූ අතර බදුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය,බදුල්ල ලංකා බැංකු ශාඛාවේ ජේෂ්ඨ කළමනාකාරීණී ප්‍රමිලා හර්ෂණී මහත්මිය ඇතුලූ බොහෝ පිරිසක් සම්බන්ධ විය