📢 රු. 500,000 ඉක්මවන මුදල් (Cash) ගෙවීම් පිළිබඳ බදු විධිවිධාන
2023 අංක 04 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් 2023.05.08 දින සිට හඳුන්වා දුන් රු. 500,000 ඉක්මවන මුදල් (Cash) ගෙවීම් පිළිබඳ විධිවිධාන, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් සුළු සංශෝධන කිහිපයක් සිදු කරමින් තවදුරටත් බලාත්මක කර ඇත.
🔹 ප්‍රධාන විධිවිධාන
යම් තැනැත්තකු විසින් තවත් තැනැත්තකුට රු. 500,000 හෝ ඊට වැඩි මුදලක් පහත සඳහන් ක්‍රමවලින් හැර වෙනත් ආකාරයකින් ගෙවන්නේනම්;
✔️ බදු ගණනය කිරීමේදී වියදමක් ලෙස අඩු කළ නොහැක.
✔️ වත්කමක පිරිවැයට ඇතුළත් කළ නොහැක.
🔹 මෙම සීමාව අදාළ නොවන ගෙවීම් ක්‍රම,
• Account Payee Cheque
• Account Payee Only Bank Draft
• Credit Card
• Debit Card
• ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරුව (Electronic Fund Transfer - EFT)
• ගෙවීම් ලබන තැනැත්තාගේ ගිණුමට සෘජුව මුදල් තැන්පත් කිරීම
🔹 රු. 500,000 සීමාව සලකා බලන ආකාරය
මෙම සීමාව ගණනය කිරීමේදී,
• එක් දිනක් තුළ,
• එක් ගනුදෙනුවක් සඳහා, හෝ
• එකම සිදුවීමකට අදාළ ගනුදෙනු මාලාවක් සඳහා
ගෙවන ලද මුළු මුදල සලකා බලනු ලැබේ.
🔹 මෙම විධිවිධාන අදාළ නොවන අවස්ථා
• ශ්‍රී ලංකා රජයට හෝ රජයෙන් සිදුකරන ගෙවීම්.
• බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන වෙත හෝ වෙතින් සිදුකරන ගෙවීම්.
• මුදල් අමාත්‍යවරයා විසින් විශේෂයෙන් නිදහස් කර ඇති තැනැත්තන්ට හෝ ගෙවීම්.
📅 බලාත්මක දිනය : 2023.05.08
මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ විශාල වටිනාකමක් ඇති ව්‍යාපාරික ගනුදෙනු බැංකු හෝ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම මඟින් සිදු කිරීම දිරිමත් කිරීම, මුදල් (Cash) ගනුදෙනු අවම කිරීම, සහ බදු අනුකූලතාව (Tax Compliance) ශක්තිමත් කිරීමයි.
📍 UDN ASSOCIATES
Chartered Tax Advisors | Kurunegala
UDN Associates - Chartered Accountants, Chartered Tax Advisors
Chartered Accountants | Chartered Tax advisors
15/07/2026
📢 බදු සංශෝධන – 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත
මෝටර් වාහන විකිණීම සම්බන්ධයෙන් වැදගත් බදු සංශෝධනයක් හඳුන්වා දී ඇත.
✅ ප්‍රධාන සංශෝධන:
🔹 දේශීය ආදායම් පනතේ 8 වන වගන්තිය යටතේ, වෙළඳ තොගයක් නොවන සහ ප්‍රාග්ධන දීමනා සඳහා සුදුසුකම් නොලබන මෝටර් වාහන විකිණීමෙන් ලැබෙන ලාභය "වෙනත් ආදායමක්" ලෙස නොසැලකේ.
🔹 එමෙන්ම, එවැනි මෝටර් වාහන විකිණීමෙන් සිදුවන අලාභය බදු අඩුකිරීමක් ලෙස අඩුකිරීමට ඉද දෙනු නොලැබේ.
📅 මෙම සංශෝධනය 2024.04.01 දින සිට බලාත්මක වේ.
👉 24/25 බදු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තාව ගොනු කිරීමට ඇති අවසාන දිනය - 2025 නොවැම්බර් 30
👉A crucial reminder for your financial calendar! 🗓️
30th of November is the final date to file your income tax return. Don't miss this important deadline.
01/11/2025
Chartered Tax Advisors Dinner
A wonderful evening with Chartered Tax Advisors, lecturers, and the Tax Division team of the Institute of Chartered Accountants of Sri Lanka at Hilton Colombo.
👉ආදායම් බදු සම්බන්ධයෙන් සැප්තැම්බර් 30න් පසුව තවදුරටත් ඔබ කළ යුතු දෑ...
👉After 30th September 2025 – What you have to do further…
Did you missed the 30th September tax deadline…
✅ Pay any outstanding tax with penalties and interest
✅ File your income tax return on or before 30th November 2025
✅ Avoid further legal action and extra charges by acting early.
Avoid Penalties! What Every Taxpayer Should Know After 30th September
22/09/2025
👉 2024/2025 බදු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු අවසාන දිනය - 30/ 09/ 2025
◽️ For more information….
📌UDN ASSOCIATES
📌Dambulla Road, Ibbagamuwa
📲 0763637890
30/05/2025
👉 Taxpayer Awareness Programmes Parallel to the Tax Week - 2025
👉 බදු සතිය - 2025 ට සමගාමීව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන්
Are You a Tax Resident in Sri Lanka? Here's What You Need to Know!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ibbagamuwa
60500
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |